Sunday, September 22, 2024

General line - 0115112241

කරදියානට කසල බැහැර කිරීමට විරෝධය පල කරමින් අදත් විරෝධතාවක්




කරදියාන ප්‍රදේශයට කසල බැහැර කිරීමට විරෝධය පල කරමින් අද දිනයේ ද ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අධිකරණ නියෝග මත කරදියාන කසල අංගනයට කසල බැහැර කිරීමේ කටයුතු අද දිනයෙන් අවසන් වන බවයි.

එහෙත් අද උදෑසන ද කසල පැටවූ ලොරි රථ කරදියාන කසල අංගනය වෙත පැමිණීමත් සමග ප්‍රදේශවාසීන් මෙම විරෝධතාව ආරම්භ කළා. 

ඊට ප්‍රාදේශීය දේශපාලඥයින්ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ. 

ඔවුන් බොහෝ දෙනෙකු කළු පටි පැළද මෙලෙස විරෝධතාවට එක්ව සිටියා. 

කරදියාන කසල අංගනයට කැළි කසල බැහැර කිරීමට විරෝධය පල කරමින් බොරලැස්ගමුව සහ බෝකුන්දර යන නගරවල ද කළු කොඩි ඔසවා විරෝධය පල කර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.