Sunday, September 22, 2024

General line - 0115112241

ධීවර සංගම් කැමැත්ත නැතිව ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කරන්නේ නෑ




දැනට ශ්‍රී ලංකා රජය භාරයේ පවතින ඉන්දීය ධීවරයින්ට අයත් ධීවර යාත්‍රා නිදහස් කරනු ලබන්නේ උතුරු පළාත් ධීවර සංගම් නියෝජිතයින්ගේ කැමැත්ත මත පමණක් බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

ඔහු මේ බව කියා සිටියේ දික්ඕවිට වරායේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්. 

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේ දී මෙම ධීවර යාත්‍රා  නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ ද යන්නයි. 

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ඉන්දීය රජයෙන් එවැන්නක් පිළිබද මෙතෙක් යෝජනා වී නොමැති බවයි. 

කෙසේ වෙතත් ගැටළු විසදීම සදහා ඉන්දීය රජය සාධනීය පියවර රැසක් අනුගමනය කර තිඛෙනවා.

 එම නිසා ශ්‍රී ලංකා රජය භාරයේ ඇති ඉන්දීය යාත්‍රාවලින් කොටසක් නිදහස් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ. 

එහෙත් ඊට, උතුරු පළාත් ධීවර නියෝජිතයින්ගේ එකගතාව අත්‍යවශ්‍ය බවද අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කළා.