Sunday, September 22, 2024

General line - 0115112241

විද්‍යා ඝාතන නඩුවෙන් දෙදෙනෙක් නිදහස්!




යාපනය,කයිට්ස්,පුන්කුඩිතිව් ප‍්‍රදේශයේදි පසුගිය 2015 මැයි 13 වැනිදා සමූහ අපරාධයකට ලක්ව ඝාතනය වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු යාපනය කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් අද (28) නිදහස් කරනු ලැබුවා.

කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේ අදාළ සැකකරුවන් සම්බන්ධ නඩු විභාගය අද කැඳවු අවස්ථාවේ කයිට්ස් වැඩබලන මහේස්ත‍්‍රාත් ජෝයි මයිල්මහාදේවා මහතා විසින් ඝාතන සිද්ධියට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් 10 වන සැකකරු හා 12 වන සැකකරුව නිදහස් කිරීමට නියෝග කරනු ලැබුවා. සැකකරුවන් සම්බන්ධයෙන් ලද නීතිපති උපදෙස් අනුව සැකකරුවන් නිදහස් කිරීමට නියෝග කරන බවයි අතිරේක මහේස්ත‍්‍රාත්වරයා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට තිබුණා

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.