Sunday, September 22, 2024

General line - 0115112241

වැඩිම වර්ෂාපතනය කාසල්රීට!




ගත වූ පැය විසිහතරේ වැඩිම වර්ෂාපතනය කාසල්රී ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය මිලි මීටර් 54 යි දශම 2ක්.

කෙසේ වෙතත් බොහෝ ප‍්‍රදේශවලට තවදුරටත් අපේක්ෂා කරන්නේ වැසි රහිත කාලගුණ තත්ත්වයක් බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

උපරිම උෂ්ණත්වය වාර්තාවී ඇත්තේ පොළොන්නරුව ප‍්‍රදේශයෙන්. එය සෙල්සියස් අංශක 37 යි දශම 6ක්. අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වුණා. එය සෙල්සියස් අංශක 13 යි දශම 9ක්.