Sunday, September 22, 2024

General line - 0115112241

කොළඹ කුණු කුණු වෙයිද?




මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමග කොළඹ මහ නගරසභාවේ කැලිකසළ පිළියන්දල කරදියාන කසළ අංගණයට බැහැර කිරීමට දී තිබූ අවසරය අදින් (අප්‍රේල් 28) අවසන් වන බව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කරනවා.

අප්‍රේල් 17 සිට අප්‍රේල් 28 වෙනිදා දක්වා දිනකට කැලිකසළ මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසළ අංගණයට බැහැර කිරීමට මීට ඉහතදී අධිකරණය නියෝග කොට තිබුණා.

කෙසේ නමුත් තවදුරටත් කරදියාන කසළ අංගණයට අපද්‍රව්‍ය බැහැර කිරීමට අවශ්‍ය බවට කිසිදු ඉල්ලීමක් කොළඹ නගර සභාවෙන් හෝ රජයේ බලධාරීන්ගෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබුණේ නැහැ.

කොළඹ මහ නගරසභාවේ කැලිකසළ දොම්පේ ප්‍රදේශයට බැහැර කිරීම ද මේවන විට නවතා දමනු ලැබ ඇති අතර කසළ ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහජන ආරක්ෂක පනත යටතේ කළ නියෝගයට පාර්ලිමේන්තු අවසරය ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් අද (අප්‍රේල් 28) පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවා.