ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල හා ලෝක බෞද්ධ සමුළුවේ සමාරම්භක උත්සවය ලබන 12 වනදා කොළඹ දී පැවැත්වෙනවා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී එය පැවැත්වෙන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්.
ඊට ලොව බෞද්ධ රටවල විශේෂ නියෝජිතයින් රැසක් සහභාගී වනු ඇති.
දින 03ක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේ සමාප්තිය මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී පැවැත්වීමට නියමිතයි.
වෙසක් සතිය මැයි මස 07 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වෙනවා.