Sunday, September 22, 2024

General line - 0115112241

පැරෂුට් පුහුණුවේදී අනතුරට ලක්වූ සෙබළා සහ සෙබළිය තවමත් රෝහලේ




පැරෂුට් පුහුණුවක් අතරතුරදි අනතුරකට මුහුණ දුන් ඇඹිලිපිටිය කදුරුගස්ආර යුද හමුදා කමාන්ඩෝ පුහුණු පාසලේ හමුදා සෙබළා සහ හමුදා සෙබළිය තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. 

ඔවුන් ප‍්‍රතිකාර සදහා ඇතුළත් කෙරුණේ ඇඹිලිපිටිය රෝහලටයි. 

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ. 

තුවාල ලැබූ සෙබළාගේ පාදයක් බිදී ගොස් තිබෙනවා. 

ඔවුන් මෙම අනතුරට මුහුණපෑවේ සෙබළා සහ සෙබළිය පොළවට පැමිණීමේදී ඔවුන්ගේ පැරෂුටය විදුලි රැහැනක ගැටීමෙන්. 

අධිබලැති විදුලි රැහැනක ගැටීම හේතුවෙන් සෙබළියගේ දෙපාවල වළලූ කරෙන් පහත කොටස පිළිස්සී ඇති බවයි රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.