Sunday, September 22, 2024

General line - 0115112241

මැයි රැළි අති සාර්ථකයි  -  පාර්ශව 4 ක් අයිතිවාසිකම් කියයි




ඊයේ පැවති සාර්ථකම මැයි රැළිය තමන් විසින් සිදුකළ බවට දේශපාලන පක්‍ෂ පවසනවා. ඒ නෙත් නිවුස් සිදුකළ විමසීමකදීයි. 

වත්මන් පාලනයට ආශිර්වාද කරමින් වැඩිම ජනතාවක් සහභාගි වුයේ කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්‍ෂ මැයි රැළියට බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පැවසුවා.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ වැඩකරන කම්කරු ජනතාවගේ මැයි රැළිය පැවැත්වුයේ තමන් බවයි. 

එහි ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් කියාසිටියේ මැයි රැළියේ සාර්ථක බව පැමිණි පිරිසෙන් නොව එහි අරමුණ අනුව තීරණය වන බවයි.

මහනුවර ගැටඹේ කි‍්‍රඩාංගණයේ පැවති මැයි රැළිය ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සාර්ථකම මැයි රැළිය බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදීයි.

කෙසේවෙතත් මෙවර වැඩිම පිරිසක් සහභාගි වුයේ ගාලූමුවදොරපිටියේ පැවති තම මැයි රැළියට බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. 

එහි සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසන්නේ ඒකාබද්ධ විපක්‍ෂයට සිදුකළ අභියෝගය පහසුවෙන්ම ජයග‍්‍රහණය කළ බවයි.