Sunday, September 22, 2024

General line - 0115112241

හමුදා ඇඳුමින් සැරසී බැංකුවට ගෙන ගිය සල්ලි කොල්ලකයි




හොරණ අරමානගොල්ල ප‍්‍රදේශයෙදී රුපියල් ලක්ෂ 30 ක මුදල් කොල්ලයක් සිදුව තිබෙනවා.

පොලිසිය පැවසුවේ ප‍්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකට අයත් මුදල්, බැංකුවක තැන්පත් කිරීම සඳහා රැගෙන යන අතරතුර මෙම මුදල් කොල්ලය සිදුව ඇති බවයි.

හමුදා නිළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ මෙම මුදල් කොල්ලය සිදු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.