Sunday, September 22, 2024

General line - 0115112241

මහින්ද රැළි කීයක් තිබ්බත් ඡන්දෙ පරාදයි




මහින්ද රාජපක්ෂ මහතා කුමන ආකාරයේ රැළි පැවැත්වුවද මැතිවරණය පරාද වූ බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.

කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ඊළඟ මැතිවරණය සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටින බවයි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ "මහින්ද රාජපක්ෂ මහත්තයා ඔය වගේ රැළි කීයක් තිබ්බද?. ඒත් ඡන්ද පරාදයි නේ. බලමුකෝ ඊළඟ එක මොකද වෙන්නේ කියලා..මේ රටේ ජනතාව තීරණය කරයි." යනුවෙනි.

මැතිවරණ සම්බනධයෙන් විපක්ෂය කුමක් ප‍්‍රකාශ කළ ද ලබන සැප්තැම්බර් මාසය වන විට පළාත් සභා මැතිවරණ පැවැත්වීම ආරම්භ  කරන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.