Sunday, May 5, 2024

General line - 0115112241

අයි පී එල් ක‍්‍රිකට් ඉතිහාසයේ නව තරග වාර්තා දෙකක් බිහිවෙයි




අයි පී එල් ක‍්‍රිකට් තරග ඉතිහාසයේ නව තරග වාර්තා දෙකක් ඊයේ බිහිවුණා. 

ඉන් එක් වාර්තාවක් වූයේ අඩුම පන්දු සංඛ්‍යාවකින් පිතිකරුවෙකු රැස් කළ අයි පී එල් අර්ධ ශතකයයි.  

ඊට හිමිකම් කීවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරන සුනිල් නරේන්. 

ඔහු පන්දු 15ක දී අර්ධ ශතකයක් වාර්තා කරමින් නව වාර්තාව බිහි කළා. 

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ ඊයේ පැවති තරගයේදීයි. 

එහිදී ඔහු පන්දු 17ක දී හයේ පහර 04ක් සහ හතරේ පහර 06ක් සමඟ ලකුණු 54ක් රැස් කළා. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන සුනිල් නරේන් ලෝක ප‍්‍රකට වී ඇත්තේ විශේෂඥ දඟ පන්දු යවන්නෙකු ලෙසයි. 

එහෙත් ඊයේ පැවති තරගයේදී ඔහු කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කිරීම කැපී පෙනෙන සිද්ධියක්. 

මේ අතර අයි පී එල් ඉතිහාසයේ පළමු පන්දුවාර 06, එනම් පවර් ප්ලේ අවස්ථාවේ දී කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද මෙම තරගයේ දී බිහි වුණා. 

කොල්කටා කණ්ඩායම පළමු පන්දුවාර හයේ දී කිසිවෙකු නොදැවී ලකුණු 105ක් රැස් කළා. 

එහිදී සුනිල් නරේන්ට අමතරව ක‍්‍රිස් ලයන් පන්දු 21ක දී ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා.