Sunday, September 22, 2024

General line - 0115112241

"ගීතාගේ මන්ත්‍රි ධූරය ගැන අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා"




ගීතා කුමාරසිංහගේ මන්ත්‍රි ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කළ දැනුම්දීම අනුව ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත දැනුම් දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ද්විත්ව පුරවැසිභාවය පවතින බැවින් ගිතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරයක් දැරිමට නුසුදුසු බවයි අභියාචනාධිකරනය ඉකුත්දා තීරණය කළේ.