Sunday, September 22, 2024

General line - 0115112241

වෛද්‍ය සභාවේ ඉල්ලීම සලකා බලන්න 31ට කල් දායි




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය අවසන් කළ සිසුන් ශ‍්‍රී ලංකා වෛද්‍ය  සභාවේ ලියාපදිංචි වීමට කිසිඳු බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබා දී ඇති තීන්දුව අත්හිටුවීමට කටයතු කරන ලෙස ඉල්ලා වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිාකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම මැයි මස 31ක දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළා.

පසුගිය ජනවාරි 31 වැනිදා අභියාචනාධිකරණය මගින් ලබා දුන් තීන්දුව අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

එම පෙත්සම සළකා බැලු ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් නිතිපති දෙපාර්තමේන්තුවේ නිතිඥයින් ඉල්ලා සිටියේ තම නීතිඥයෙකු විදේශගතව ඇති බැවින් පෙත්සම සළකා බැලීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව, මෙම පෙත්සම මැයි මස 31 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි. පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වෛද්‍ය සභාව විසින් නම් කර තිබෙනවා.