Sunday, September 22, 2024

General line - 0115112241

කොරියාවේ රැකියා සඳහා යන අයට සහනයක්




දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව යාමේදී එක් අයෙකුගෙන් අය කිරීමට නියමිත වූ රුපියල් පන් ලක්ෂයක මුදල අද (09) සිට වහාම අත්හිටුවීමට විදේශ රැකියා නියුක්ති කාර්යංශය තීරණය කර තිබෙනවා.

එ් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකොරලගේ උපදෙස් අනුවයි.

ඉකුත් 5 වැනිදා සිට එම මුදල ආරක්ෂිත මුදලක් ලෙස අය කර ගැනීමටයි විදේශ රැකියා නියුක්ති කාර්යංශය මීට පෙර තීරණය කර තිබුණේ.

එය අයකර ගැනීමට තීරණය කර තිබුණේ දකුණු කොරියාව සඳහා නීත්‍යානුකූලව පිටත්වන ශ‍්‍රමිකයන් වෙනුවෙන් දැනට කි‍්‍රයාත්මක වන ඇප බැඳුම්කරයට අමතරවයි. ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් විසි හයදහසක් දැනට දකුණු කොරියාවේ රැකියාවල  නිරතව සිටිනවා.

ඉකුත් වසරේදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ‍්‍රමිකයන් 6629ක් පිටත්ව ගොස් තිබූ බවයි විදේශ රැකියා නියුක්ති කාර්යංශය පැවසුවේ.