Sunday, September 22, 2024

General line - 0115112241

උතුරෙන් ජන සංහාර සතියක් සංවිධාන කරයි - 12 වැනිදා සිට ඇරඹෙයි




යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාව සැමරිමේ සතියක් සංවිධාන කිරිමට උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් තීරණය කර තිබෙනවා.

ඔහු පැවසුවේ ලබන 12 වැනිදා සිට 18 වැනිදා දක්වා එම සැමරුම් සතිය පවත්වන බවයි.  ‘‘ජන සංහාර සතිය‘‘ ලෙස එය නම් කර තිබෙනවා.

ප‍්‍රධාන සැමරුම් උත්සවය උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප‍්‍රධානත්වයෙන් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී පැවැත්වෙනු ඇති. 

අවසන් සටනේදී විශාල පිරිසක් මුල්ලිවයික්කාල් වෙරල තිරයේදී මිය ගියා. ඔවුන් සැමරිම වෙනුවෙන් ස්මාරකයක්ද ඉදිකරන බවයි සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ.