Sunday, September 22, 2024

General line - 0115112241

ජනපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක්




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඒ කසළ කළමනාකරණයේ දී පළාත් පාලන ආයතන මුහුණ දී ඇති ගැටලු සහ ඒ සඳහා ගෙන ඇති විසදුම් මෙන්ම ඉදිරියේදී ගතයුතු පියවර පිළිබද සාකච්ඡා කිරීමටයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශනය යාපා, වජිර අබේවර්ධන, සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, සාගල රත්නායක, ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්, යුද හමුදාපති, පොලිස්පති ඇතුලු ආරක්ෂක අංශ ප්‍රධානින් සහ සියලු පළාත් පාලන කොමසාරිස්වරු මෙන්ම රාජ්‍ය නිලධාරින් රැසක් මීට එක්ව සිටියා.

ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වුණා.