Sunday, September 22, 2024

General line - 0115112241

වෙසක් සමයේ කොළඹ රථ වාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 775ක්




වෙසක් සමයේ කොළඹ නගරයේ රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහා අතිරේක පොලිස් නිලධාරීන් පිරිසක් යොදවන බව පොලිස් මූලස්ථානය පවසනවා. 

ඒ, කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන වෙසක් කලාපය හා විවිධ වැඩසටහන් බාධාවකින් තොරව මහජනතාවට නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින්. 

ඒ අනුව රථ වාහන හැසිරවීමේ රාජකාරි වෙනුවෙන් පොලිස් නිලධාරීන් 775ක් යෙදවීමටයි නියමිතව ඇත්තේ.

ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට සිට ලබන 13 වනදා දක්වා කොළඹ නරගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.