Sunday, September 22, 2024

General line - 0115112241

ගාලූ මුවදොර වෙසක් කලාපය හෙට සිට




‘‘ගාලූ මුවදොර වෙසක් කලාපය’’ හෙට සිට ලබන 14 වනදා දක්වා ගාලූ මුවදොර සහ ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ දී පැවැත්වෙනවා. 

ඒ, ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සහය ඇතිව ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන්.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලට සමගාමීව මෙම වෙසක් කලාපය සංවිධාන කර තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වෙසක් සැරසිලි රැසකින් එය සමන්විත වන බවයි.