Tuesday, September 17, 2024

General line - 0115112241

සත්‍යයට වඩා වේගයෙන් අසත්‍ය පැතිරෙනවා - මාතෘ භූමියට වින කරනා බොරු ප‍්‍රචාර වලට නොරැවටෙන්න - ජනපති කියයි




බලයේ සිටි පිරිස නැවත බලයට ගෙන ඒමට අවශ්‍ය ඇතමුන් මාතෘ භූමියට එරෙහිව අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

සත්‍යයට වඩා වේගයෙන් අසත්‍ය පැතිර යන බැවින් එම බොරු ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ලොව පුරා සිටින ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ. 

ඔස්ටේ‍්‍රලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැන්බරා නුවරදී එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් සමග පැවති හමුවකදී මෙම අදහස් පළ කළා. 

වෘත්තිකයින්, ව්‍යාපාරික ප‍්‍රජාව, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විවිධ කේෂ්ත‍්‍රවල ශ‍්‍රී ලාංකිකයින් රසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.