Friday, September 20, 2024

General line - 0115112241

ආපදා මරණ 13ක් - හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානමි




හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. 

අරලියගහ මන්දිරයේ පැවති  විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ දක්වා ආපදා මරණ 13ක් වාර්තාවී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර ආපදා තත්ත්වයන් පවතින ප‍්‍රදේශවල දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා. 

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ යම් රජයේ නිලධාරියෙකු ආපදා තත්ත්වයන්ට ලක්ව ඔහුට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි නම් ඔහුගේ දෙවන නිලධාරියා හෝ ආසන්නම නිලධාරියා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම රාජකාරි ඉටු කිරීමට බැදී සිටිය යුතු බවයි. 

ගං වතුර තර්ජනයට ලක්ව ඇති ප‍්‍රදේශවල නිලධාරීන්ගේ හිගයක් ඇත්නම්  ඕනෑම විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු සේවයට යොදවා රාජකාරි ඉටු කිරීමට අදාල දිස්ත‍්‍රික්කයේ ලේකම්වරුන්ට බලය පැවරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.