Friday, September 20, 2024

General line - 0115112241

විමලසුරේන්ද්‍ර, ලක්‍ෂපාන හා කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ (PHOTOS)




මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමි ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නෝටන්බිජේ විමලසුරේන්ද්‍ර ජලාශය අද අලූයම සිට වාන් දැමිමට පටන් ගෙන තිබෙනවා. 

මේ අතර ලක්‍ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් හා මස්කෙළිය කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද උදෑසන සිට විවෘත කර තිබෙනවා. 

එම ජලාශවල වාන් දැමිම හා වාන් දොරටු විවෘත කිරිම නිසා කැළණි ගගේ ජල මටිටම ඉහළ යා හැකි බව විදුලි බල මණ්ඩලය අවධාරණය කරන්නේ. 

මේ අතර හැටන් මස්කෙළිය නෝටන්බිජේ ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද අලූයම සිට උදෑසන  8.00 තෙක් ඇණහිටියා මේ වන විට එම මාර්ගයේ එක මංතිරුවක් පමණක් රථ වාහන ගමනා ගමනයට විවෘත තිබෙනවා. 

අතර පවතින වර්ෂාවත් සමගම එම මාර්ග වල වාහාන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස මස්කෙළිය පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.