Friday, September 20, 2024

General line - 0115112241

ආපදා තත්ත්වය හේතුවෙන් පරිපාලන සේවා විභාගය අවලංගු කෙරේ




හෙට (26) පැවැත්වීමට නියමිතව තිබූ පරිපාලන සේවා විභාගය රට තුළ පවතින ආපදා තතත්වය හේතුවෙන් අවලංගු කර තිබෙනවා. 

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ එම විභාගය යළි පැවැත්වෙන දිනය පිළිබ පසුව දැනුම් දෙන බවයි. 

මේ අතර හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් ගං වතුරට කොටුවී සිටින පිරිස් මුදා ගැනීම සඳහා අවශ්‍ය යාත‍්‍රා සැපයීමට ධීවර අමාත්‍යංශය කටයුතු යොදා තිබෙනවා. 

ඒ අනූව එම යාත‍්‍රා ලබා දීම සම්බන්ධීකරණය කිරීමට කමිටුවක් පත් කර ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ. 

071 645 34 02 හෝ 077 465 22 78 යන දුරකථන අංකවලින් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකියි.