Friday, September 20, 2024

General line - 0115112241

සියලූම ගංගා අවට මහා ගං වතුර තත්ත්වයක් - අවදානම් කළාපවලින් ඉවත්වන්නැයි රජයෙන් දැනුම් දීමක් (PHOTOS)




ඉදිරි පැය 48 තුළ සියලූම ගංගා අවට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බැවින් ගංගා ආසන්නයේ පදිංචි සියලූ පවුල්වලට සිය නිවෙස්වලින් ඉවත් වන්නැයි රජය දැනුම් දෙනවා. 

ගංවතුර අවදානම ඇති සෑම ප‍්‍රදේශයකම පාසල් වසා දමා එම ස්ථානවලට පීඩාවට පත් ජනතාව යොමු කරන ලෙසයි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් දී ඇත්තේ. 

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල සහ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන රාජ්‍ය නිලධාරීන් හා සියලූම ක්‍ෂේත‍්‍ර නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බවයි.