Friday, September 20, 2024

General line - 0115112241

කෝටියක් වටිනා හෙරොයින් සමග පාකිස්තානු ජාතිකයෙකු කටුනායකදි රේගු දැලේ




රුපියල් කෝටියක් වටිනා හෙරොයින් තොගයක් සමග පාකිස්තාන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔහුගේ ගමන් මල්ලේ තිබි හෙරොයින් කිලෝග‍්‍රෑම් එකකට අධික ප‍්‍රමාණයක් සොයාගත් බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක‍්‍රම බස්නායක පැවසුවේ. 
සැකකරුට මෙම හෙරොයින් තොගය රට තුළට ගෙන ඒම සදහා ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය සහාය දක්වා ඇති බවද අනාවරණ වී තිබෙනවා. 

ඒ පිළිබදවද පරීක්‍ෂණයක් පැවැත්වෙන බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක‍්‍රම බස්නායක සදහන් කළේ.