Friday, September 20, 2024

General line - 0115112241

ජල ගැලීම් නැරඹීමට ගිය පිරිමි ළමයින් දෙදෙනෙක් ගසා ගෙන යයි (VIDEO)




තංගල්ල කපුහේන්වල ප‍්‍රදේශයේදී ජල ගැලීම් නැරඹීට ගොස් සිටි පිරිමි ළමයින් දෙදෙනෙකු ජල පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. 

තංගල්ල පොලිසිය පැවසුවේ අද දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි. ගසා ගෙන ගිය එක් ළමයෙකුගේ මළ සිරුර හමුවී තිබෙනවා. 
අනෙක් ළමයා තවදුරටත් අතුරුදන්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ අතර ජල ගැලීම් සිදුව ඇති ප‍්‍රදේශවලට අනවශ්‍ය ලෙස ගමන් කිරීමෙන් වලකින්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

එසේ ගමන් කිරීමෙන් අනතුරු සිදු විය හැකි මෙන්ම බේරා ගැනීමේ මෙහෙයුම් සහන සේවාවලට ද බාධා සිදුවිය හැකි බවයි පොලිසිය පැවසුවේ.