Saturday, April 27, 2024

General line - 0115112241

ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයි




රත්නපුර සහ නිවිතිගල යන අධ්‍යාපන කලාපවල සියලු පාසල් සඳහා හෙට (29) දිනයේද නිවාඩු ලබා දෙන බව සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය පවසනවා.

සබරගමුව පළාතේ ආපදාවට ලක්වූ සහ තාවකාලික කඳවුරු පවත්වාගෙන යන පාසල් ද හෙට විවෘත නොකරන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් ආපදා හේතුවෙන් නිවාඩු ලබා දුන් සබරගමු පළාතේ සෙසු පාසල් හෙට විවෘත කෙරෙන බව ද ඔහු පැවසුවා.