Saturday, April 27, 2024

General line - 0115112241

ආපදා නිසා 146 ක් මරුට - 112 ක් අතුරුදන් - ලක්ෂ 04ක් පීඩාවට




දිස්ත‍්‍රික්ක 15කට ඝෘජු ලෙස බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව මේ වනවිට 146ක් දක්වා වැඩිවී තිබෙනවා.

පුද්ගලයින් 112 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) උදෑසන 10.00ට නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.

තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 52 ක් වනවා. 

මේ වනවිට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ආපදා තත්ත්වය නිසා නිවාස 230 කට පූර්ණ හානි සිදුව තිබෙනවා.

අර්ධ හානි සිදුවූ නිවාස ගණන 1701ක්.

මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් රට පුරා පීඩාවට පත්වූවන්ගේ මුළු සංඛ්‍යාව 442299 ක් වනවා.

ආරක්ෂිත ස්ථාන 319ක් පිහිටුවා ඇති අතර ඒවායේ රැඳී සිටින පුද්ගලයින් ගණන 101638 ක් වනවා.