Sunday, April 28, 2024

General line - 0115112241

විපතට පත්වූවන්ට සවිය දෙන්න "දිරිය නෙත්" සමග ඔබත් එක්වන්න




ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ඇරඹුණු නෙත් එෆ් එම් දිරිය නෙත් සමාජ සත්කාරය සඳහා මේ වනවිටත් ඉහළ ප‍්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. 

බොහෝ දෙනෙකු දිරිය නෙත් එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත පැමිණ සිය පරිත්‍යාග භාර දෙන බවයි එම ස්ථානවල සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. 

කොල්ලුපිටිය පස්වන පටුමග, අංක 105/3 දරණ ස්ථානයේ පිහිටි නෙත් එෆ් එම් ප‍්‍රධාන කාර්යාලයේ දී ආධාර භාර ගැනෙනවා. 

බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් ආයතනයට යාබද ට‍්‍රැවල් නෙත් කාර්යාලයට ද ඔබේ ආධාර භාර දිය හැකියි.

දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ කඩවත බිම්බාරාම විහාරස්ථානයේදී ද නෙත් එෆ් එම් දිරිය නෙත් සමාජ සත්කාරය වෙනුවෙන් ආධාර එකතු කෙරෙනවා.

ගාල්ල කළුවැල්ල වර්ණපාල සහ සහෝදරයෝ ආයතනයේ සහ මාතර පල්ලිමුල්ල මනම්පේරි ෆූඞ් සෙන්ටර් ආයතනයේ ද එකතු කිරීමේ මධ්‍යස්ථාන විවෘතයි. 

මෙම සියලු ස්ථානවල දී ඔබ භාර දෙන ආධාර අවශ්‍යතා සහිත තැනැත්තන් හදුනාගෙන කඩිනමින් ඔවුන් වෙත ගෙන ගොස් දීමට නෙත් එෆ් එම් දිරිය නෙත්  සමාජ සත්කාර යටතේ කටයුතු කෙරෙනවා.  

මේ පිළිබඳ වැඩි විස්තර 077 200 18 65 දුරකථන අංකයට ඇමතීමෙන් දැනගැනීමේ හැකියාව පවතිනවා.