Friday, September 20, 2024

General line - 0115112241

දිරිය නෙත් සමාජ සත්කාරය අදත් දවස පුරා




දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක‍්‍රියාත්මක දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන දිවයිනේ ප‍්‍රදේශ රැසක දී  අද දිනයේ ද ක‍්‍රියාත්මක වනවා. 

මෙම සමාජ සත්කාරය සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණෙන ජනතාවගෙන් ලැබෙන්නේ ඉහළ ප‍්‍රතිචාරයක්. 

ඊයේ දිනයේ ද දිරිය නෙත් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ආධාර ලබාදීම සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා. 

ඔබේ ආධාර අද දිනයේ ද එම මධ්‍යස්ථාන වෙත ගෙනවිත් භාරදිය හැකියි.   

ඒ අනුව බම්බලපිටිය දුම්රියපොළ අසළ  ඕෂන් ගොඩනැගිල්ලේ නෙත් එෆ්.එම්. මෙහෙයුම් කාර්යාලයේ දී අද දිනයේ ද පරිත්‍යාග භාරගැනීම සිදු වනවා. 

කොල්ලූපිටිය 05 වන පටුමගේ අංක 105/3 ස්ථානයේ පිහිටි නෙත් එෆ්.එම්. ප‍්‍රධාන කාර්යාලයේ ද ඔබේ ආධාර භාරදිය හැකියි. 

බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් අසල පිහිටි ට‍්‍රැවල් නෙත් කාර්යාලය ද ආධාර භාරගැනීම සඳහා කටයුතු සුදානම් කර තිබෙනවා. 

පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් වැඩ වෙසෙන අතුරුගිරිය සිරි සඳහම් පදනමට ද ඔබේ ආධාර භාරදිය හැකියි. 

පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් වැඩ වෙසෙන පිළියන්දල පිඟන් සංස්ථාව පාරේ ශාන්ති නිකේතනයේ දී ද දිරිය තෙන් සමාජ සත්කාරයට ආධාර භාර ගැනෙනවා. 

පූජ්‍ය කිරම විමලජෝති හිමියන් වැඩ වෙසෙන දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ද ආධාර ගෙනවිත් භාරදිය හැකියි. 

කඩවත නගර මධ්‍යයේ පිහිටි ශ‍්‍රී බිම්බාරාම විහාරස්ථානය ද ආධාර භාරගන්නා මධ්‍යස්ථානයක්. 

පානදුර පල්ලෙමුල්ල සිරිනිවාසාරම විහාරස්ථානය ද ආධාර භාරගැනීම සඳහා මේ වනවිටත් කටයුතු සූදානම් කර තිබෙනවා.

දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ ගාල්ල, කළුවැල්ල , වර්ණපාල සහ සහෝදරයෝ ආයතනයේ හා මාතර පල්ලිමුල්ල මනම්පේරි ෆූඞ් සෙන්ටර් ආයතනයේ ද ආධාර භාරගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. 

මීට අමරතව මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි තුන්වන මහලේ පිහිටි ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට ඔබේ ආධාර ගෙනවිත් භාර දිය හැකියි.