Friday, September 20, 2024

General line - 0115112241

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ හෙට තිබූ විභාගය අත්හිටුවයි




ජාතික සමාජ සංවර්ධන ආයතනයේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ විභාගය කල්දමා තිබෙනවා. 

එම ආයතනයේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් චාමිණී අත්තනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ සමාජ වැඩ උපාධි පාඨමාලාවේ බඳවා ගැනීමේ විභාගය හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ බවයි. 

එය දින නියමයක් නොමැතිව කල් දැමූ බවයි ඇය ප‍්‍රකාශ කළේ. 

මේ අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රත්නපුර සහ නිවිතිගල අධ්‍යාපන කලාපවල සියලූ පාසල් වසා දැමීමට ද තීරණය කර තිබෙනවා. 

බස්නාහිර සහ දකුණු පළාත්වල ආපදාවට ලක්වූ ප‍්‍රදේශවල පාසල් ද අද දිනයේ වසා දැමීමටයි තීරණය කළේ.