Friday, September 20, 2024

General line - 0115112241

නෙත් සහන සේවා ගැන හිටපු ජනපතිගෙන් ප්‍රශංසා




දේශපාලන භේදයකින් තොරව විපතට පත්වූවන් සඳහා සහන සැලසීම සඳහා එක්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. 

එහිදී ජනපති විසින් නෙත් රේඩියෝව කරන්නා වු සේවයට සිය ස්තූතිය පළ කරා.

එම සම්පූර්ණ සංවාදය පහතින්.

විපතට පත් ජනතාව වෙන නිසි පරිදි සහන බෙදාදීමේ වැඩපිළිවෙල නිවැරදි ලෙස සම්බන්ධීකරණය කරමින් නෙත් මෙහෙයුම් මැදිරිය තවදුරටත් ක‍්‍රියාත්මකයි. 

ආධාර බෙදාදීමෙන් පමණක් නොනැවතී පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගනිමින් ඊට අවශ්‍ය පිළියම් කඩිනමින් ලබාදීම ද මේ වනවිටත් සිදු කරමිනුයි සිටින්නේ. 

එලෙස නෙත් මෙහෙයුම් මැදිරිය ඇමතු පීඩාවට පත් පිරිසක් සොයා නෙත් නිවුස් විශේෂ කණ්ඩායමක් මේ වනවිටත් අකුරැස්ස ප‍්‍රදේශයට ගොස් සිටිනවා. 

මේ අතර දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක‍්‍රියාත්මක දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන තවදුරටත් ක‍්‍රියාත්මක වනවා. 

ඒ අනුව බම්බලපිටිය දුම්රියපොළ අසළ  ඕෂන් ගොඩනැගිල්ලේ නෙත් එෆ්.එම්.මෙහෙයුම් කාර්යාලයේ දී මේ වනවිටත් පරිත්‍යාග භාරගැනීම සිදු වනවා.  

කොල්ලූපිටිය 05 වන පටුමගේ අංක 105/3 ස්ථානයේ පිහිටි නෙත් එෆ්.එම්. ප‍්‍රධාන කාර්යාලයේ ද ඔබේ ආධාර භාරදිය හැකියි. 

බත්තරමුල්ල ආර්පිකෝ සුපර් සෙන්ටර් අසල පිහිටි ට‍්‍රැවල් නෙත් කාර්යාලය ද ආධාර භාරගැනීම සිදු කරනවා.  

පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන් වැඩ වෙසෙන අතුරුගිරිය සිරි සඳහම් පදනම, පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් වැඩ වෙසෙන පිළියන්දල පිඟන් සංස්ථාව පාරේ ශාන්ති නිකේතනය, පූජ්‍ය කිරම විමලජෝති හිමියන් වැඩ වෙසෙන දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට ද ආධාර ගෙනවිත් භාරදිය හැකියි. 

කඩවත නගර මධ්‍යයේ පිහිටි ශ‍්‍රී බිම්බාරාම විහාරස්ථානය ද ආධාර භාරගන්නා මධ්‍යස්ථානයක්. 

පානදුර පල්ලෙමුල්ල සිරිනිවාසාරම විහාරස්ථානයේද ආධාර භාරගැනීම සිදු වනවා.  

දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ ගාල්ල, කළුවැල්ල , වර්ණපාල සහ සහෝදරයෝ ආයතනයේ හා මාතර පල්ලිමුල්ල මනම්පේරි ෆූඞ් සෙන්ටර් ආයතනයේ ද ආධාර භාරගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිතයි.  

මීට අමරතව මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හි තුන්වන මහලේ පිහිටි ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථානයට ඔබේ ආධාර ගෙනවිත් භාර දිය හැකියි. 

ගොඩගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය ද දිරියනෙත් සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. 

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද දිරිය නෙත් සමාජ සත්කාරය සමඟ අත්වැල් බැඳගෙන සිටින තවත් පාර්ශවයක්. 

මේ පිළිබඳ වැඩි විස්තර 077 200 18 65 දුරකථන අංකය අමතා දැන ගත හැකියි.