Friday, September 20, 2024

General line - 0115112241

හපුතලේ ප‍්‍රදේශයේ දී විදේශිකයින්ට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරඹේ




හපුතලේ ප‍්‍රදේශයේ දී විදේශිකයින් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

මෙම පිරිසට විදේශිකයින් තිදෙනෙකු ඇතුළත්. 

ඔවුන් මෙරටට පැමිණ තිබුණේ ලබන 12 වනදා ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන මවුන්ටන් පාපැදි තරගාවලියක් සඳහා සහභාගී වීමටයි. 

එහි පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටි අවස්ථාවේ ඊයේ දිනයේ ත‍්‍රීරෝද රථ 03කින් පැමිණි පිරිසක් යකඩ පොලූ හා ලී පොලූ යොදා ගනිමින් මෙම පහරදීම සිදුකර තිබුණා. 

පසුව විදේශිකයින් සතු මවුන්ටන් පාපැදි සහ ජංගම දුරකතන පහරදුන් පිරිස විසින් කොල්ලකනු ලැබ තිබෙනවා.

ඒ අවස්ථාවේ පැමිණි වෙනත් පිරිසක් විදේශිකයින් පිරිස බේරාගෙන දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.