Friday, September 20, 2024

General line - 0115112241

ගුවන් හමුදා යානය තුළ උපන් දරුවා රත්නපුර රෝහලට රැගෙන යන විට මිය ගිහින් (UPDATE)




සහන මෙහෙයුම්වල නිරත වූ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් තුළ අද (29) පස්වරුවේ සිදු වූ දරු ප‍්‍රසූතිය මළදරු උපතක් බව රත්නපුර පළාත් මහ රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

කලවාන සිට රත්නපුර දක්වා පියාසර කරමින් සිටි එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක මෙම දරු ප‍්‍රසූතිය සිදු වූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළේ.

ගැබිණි මව රත්නපුර සීවලී ක‍්‍රිඩාංගණය වෙත ගුවනින් රැගෙන ඒමෙන් අනතුරුව රත්නපුර මහ රෝහල වෙත ගිලන් රථයක් මගින් ගෙන ගොස් තිබෙනවා.

ඒ වන විටත් එම බිළිඳා මිය ගොස් සිටි බවයි රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස් පී ඒ එල් රණවීර නෙත් නිවුස් වෙත කියා සිටියේ.  

 

---------------------------

රත්නපුර අහසේ ගුවන් හමුදා හෙළිකොප්ටරයක් තුළ දරු උපතක්

(2017-05-29 14:32)

ආපදා කටයුතුවල නිරතවී සිටි ගුවන් හමුදා හෙළිකොප්ටර් යානයක් තුළ මීට සුළු මොහොතකට පෙර දරු ප්‍රසූතියක් සිදුව තිබෙනවා.

එම් අයි 17 හෙළිකොප්ටර් යානයක් තුළ මෙම දරු ප්‍රසූතිය සිදුව ඇත්තේ කලවානේ සිට රත්නපුර දක්වා ගුවනින් ගමන් කරමින් සිටියදී.

කලවාන පොලිසියේ ජීප් රථයකින් මෙම මව අදාළ හෙළිකොප්ටර් යානයට ගෙනවිත් භාර දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුනේ.