Friday, September 20, 2024

General line - 0115112241

දෙමහල් ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නෙන් බේරෙන්න දැරිය පහළට විසිකර මව්පියනුත් පනී (PHOTOS)




කැකිරාව ගල්කිරියාගම නගරයේ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක අද (29) හටගත් ගින්නකින් එහි සේවකයින් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගල්කිරියාගම ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා දඹුල්ල මහ රෝහලට මාරු කරනු ලැබුවා.

ගින්නට හසුවීමෙන් වෙළදසැලේ හිමිකරු, ඔහුගේ බිරිය හා වයස අවුරුදු දෙකක කුඩා දැරියක ද සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

ගින්න ඇතිවන අවස්ථාවේ දරුවාද සමග ඉහළ මහලයේ කොටුවී සිටි එම යුවල තම කුඩා දරුවා ඉහළ මාලයේ සිට බිම සිටි පිරිසක් වෙත විසිකර දමා දරුවාගේ දිවි බේරා ගෙන තිබෙනවා. 

ඉහල මාලයේ සිට බිමට පැන ඇති අවස්ථාවේ ව්‍යාපාරිකයා හා බිරිය සුළු තුවාල ලැබුවා.  මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නැහැ. අසල්වාසීන් පැවැසූයේ ගින්නත් සමඟ විශාල පිපිරුම් හඬක් ඇසුනු බවයි.