Friday, September 20, 2024

General line - 0115112241

පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් ගත්ත ණය සඳහා සහනයක්




ආපදා නිසා විපතට පත් ප‍්‍රදේශවල වැසියන් පුද්ගලික හෝ රාජ්‍ය බැංකුවලින් ලබා ගෙන තිබෙන පුද්ගලික හෝ ව්‍යාපාරික ණය නැවත ගෙවීම සඳහා සහනයක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍යවරයා විසින් කැඳවනු ලැබූ, අරලියගහ මන්දිරයේ ඊයේ (29) පැවති සාකච්ඡාවකදී එම තීරණය ගැණුනු බවයි අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ. 

ජල ගැලීම් හේතුවෙන් ආර්ථික කටයුතුවලට සිදුවූ හානිය හා පසුබෑම සම්බන්ධයෙන් දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගෙන් විස්තරාත්මක වාර්තාවක් කැඳවීමට ද මෙහිදී තීරණය වූ බවයි අමාත්‍ය කබීර් හෂීම් කියා සිටියේ.

මීට අමතරව ජල ගැලීම් හේතුවෙන් සිදු වූ බලපෑම සම්බන්ධයෙන් සිය ගනුදෙනුුකරුවන් හරහා වාර්තා ලබා ගන්නා ලෙස පුද්ගලික හා රාජ්‍ය බැංකු ද දැනුවත් කර තිබෙනවා. 

විපතට පත් තැනැත්තන් සඳහා ගෙවිය යුතු රක්ෂණ වන්දි කඩිනම් කිරීම මෙහිදී ගනු ලැබ ඇති තවත් තීරණයක්.

ඒ සඳහා වූ උපදෙස් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් සියලුම රක්ෂණ සමාගම් සහ රාජ්‍ය රක්ෂණ මණ්ඩලය වෙත ලබා දි තිබෙනවා.