Friday, September 20, 2024

General line - 0115112241

ගංවතුර නිසා මී උණ සහ සමේ රෝග පැතිර යෑමේ අවධානමක්




ජල ගැලීම් සමග මී උණ රෝගය ද වේගයෙන් ව්‍යාප්ත විය හැකි බව යළි ජනතාවට මතක් කෙරෙනවා.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පැවසුවේ චර්ම රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් ද මේ දිනවල පවතින බවයි.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ගංවතුර තත්ත්වයත් සමග විවිධ අපද්‍රව්‍ය සහ කසල වලවල් පිටාර ගලා ඇති බවයි. එම ජලයට ජනතාව නිරාවරණය වෙමින් ඇති බවත් පෙන්වා දුන්නා. මේ නිසා සමේ රෝග ඇති වීමේ ඉඩකඩ ඇති බවත් එවැනි ආසාත්මිකතා ඇත් නම් වහා වෛද්‍ය ප්‍රතකාර ලබා ගන්නා ලෙසද පෙන්වා දුන්නා. 

විපතට පත්ව තාවකාලික කඳවුරුවල රැඳී සිටින පුද්ගලයින්ට සේවා සැපයීම සඳහා කොළඹ අවට රෝහල්වලින් සිය නිළධාරීන් කණ්ඩායමක් යොදවා සිටින බව ද අතුරු වෛද්‍ය සේවා එකාබද්ධ පෙරමුණ මෙහිදී කියා සිටියා.

කඳවුරුවවල රැඳී සිටින නිදන්ගත් රෝගවලින් පීඩා විඳින්නන් පිළිබඳව ද ඔවුන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය සඳහන් කළේ.