Friday, September 20, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ යන්න ඉන්න ජනතාවට විශේෂ දැනුම්දීමක් 




තාවකාලිකව වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැළණිගම හා දොඩන්ගොඩ අතර කොටස යළි විවෘත කර තිබෙනවා. 

පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම කොටස ජලයෙන් යට වුණා. 

පැවති තත්ත්වය සැළකිල්ලට ගනිමිනුයි ගැළණිගම හා දොඩන්ගොඩ අතර කොටස තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණේ. 

කෙසේ වෙතත් ජල තත්ත්වය බැස යාම හේතුවෙන් මාර්ගය යළි විවෘත කිරීමට හැකි වී තිබෙනවා.