Friday, September 20, 2024

General line - 0115112241

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක‍්‍රලේඛය නිකුත් කිරීමට සුදානම් 




2018 වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමට අදාළ චක‍්‍රලේඛය හා අයදුම්පත‍්‍රය ජූනි පළමු වනදා නිකුත් කිරීමට නියමිතයි. 

ඒ අනුව අදාළ චක‍්‍රලේඛය හා අයදුම්පත‍්‍රය මාධ්‍ය හරහා නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. 

මේ අතර ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ උසස්වීම් සඳහා ලේඛන පරීක්ෂාව ලබන ජූනි 02, 05, 06 සහ 12 යන දිනවල දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 

ආපදා තත්වය හේතුවෙන් කිසියම් නිලධාරියෙකුට ඒ සඳහා සහභාගී විය නොහැකි නම් 0112 78 62 52 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා. 

ජූනි මස 02 වනදා පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර පළාත් පාසල් බටහිර සංගීත හා නැටුම් තරගය ද නැවත දැනුම් දෙන තුරු කල් දැමීමටයි තීරණය කර ඇත්තේ.