Friday, September 20, 2024

General line - 0115112241

ආපදා හානි ගැන ජනපති පූර්ණ වාර්තාවක් කැඳවයි -  විනාශ වූ සියලූ නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙලක් 




නායයාම් සහ ගංවතුර හේතුවෙන් සිදුව ඇති විනාශය පිළිබඳ පූර්ණ වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

ඒ, ජනාධිපති කාර්යාලයේ අද පැවති ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ විශේෂ සාකච්ඡාවකදීයි. 

ගංවතුරෙන් සහ නායයාම්වලින් විනාශ වූ සියලූ නිවාස නැවත ඉදිකරදීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කඩිනමින් ක‍්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා. 

නව නිවාස ඉදිකිරීමේ දී නායයාමේ තර්ජනයට ලක්ව ඇති අවදානම් කලාපවලින් පිටත ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන එම නිවාස ඉදිකරන ලෙසටයි මෙහිදී උපදෙස් ලබාදුන්නේ. 

එමෙන්ම කිසිදු අවස්ථාවක රක්ෂිත කලාපවල නැවත පදිංචි කිරීම් සිදු නොකරන ලෙසද මෙහිදී දැනුම් දුන්නා.