Friday, September 20, 2024

General line - 0115112241

දකුණේ ගංවතුර මැද උතුරේ විරෝධතා -  ඒ නවය පාරත් වැසෙයි 




උතුරු පළාතේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක් කිලිනොච්චි නගරයේ දී යාපනය - මහනුවර ප‍්‍රධාන මාර්ගය වසා දමමින් අද විරෝධතාවක නිරත වුණා. 

ඒ, දින සියයක් පුරා සිදු කෙරෙන උපවාසයට සහය පල කිරීමක් ලෙසයි. 

විරෝධතාව සඳහා උතුරු පළාත නියෝජනය කරන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් ද එක්ව සිටියා. 

මාර්ගය වසා දමමින් විරෝධතාවයේ නිරත වීම වළක්වන ලෙස ඉල්ලමින් කිලිනොච්චි පොලිසිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබුණා. 

අදාළ නියෝගය පවා නොසලකා හරිමිනුයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ.