Friday, September 20, 2024

General line - 0115112241

ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආණ්ඩුවෙන් කෝටි 200ක් - එක් අයෙකුට රුපියල් ලක්ෂයක්




ගංවතුරෙන් විපතට පත්වූ ජනතාව බැංකු මඟින් ලබාගෙන ඇති වාණිජ හා පෞද්ගලික ණය සඳහා සහන ලබාදීමට ආණ්ඩුව රුපියල් කෝටි දෙසියයක් ලබාදෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට ද නියමිතයි. 

ආපදා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකුට රුපියල් ලක්ෂයක් ගෙවීමට ද ආණ්ඩුව තීරණය කර තිබෙනවා.