Friday, September 20, 2024

General line - 0115112241

අයහපත් කාලගුණය හමුවේ ලාංකිකයන් ක්‍රියාකළ ආකාරය ගැන හිටපු ජනපතිනියගෙන් නිවේදනයක්




අයහපත් කාලගුණ තත්වය හමුවේ සමස්ත ශ‍්‍රී ලාංකික ජනතාව සියලූ වෙනස්කම් පසෙකලා එක්සත්ව එකිනෙකාට සුවිශේෂි ලෙස සහය වීම අතිශයින් අගය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ පීඩාවට පත්වූ ජනතාව මුදා ගැනීම සඳහා ජාති ආගම් භේදවලින් තොරව රාජ්‍ය යාන්ත‍්‍රණය සමඟ එක්ව සිටින සියලූ දෙනා වෙත සිය ප‍්‍රශංසාව හා ගෞරවය පිරිනමන බවයි.
 
විශේෂයෙන් ති‍්‍රවිධ හමුදාව, පොලිසිය මෙන්ම සමස්ත රාජ්‍ය සේවය ඉටු කරන උදාර මෙහෙයට ශ‍්‍රී ලාංකේය ජනතාවගේ ගෞරවය ද හිමිවනු ඇති. 

එමෙන්ම ඔවුන් වෙත ජාතික සමඟිය හා සංහිඳියා කාර්යංශයේ ගෞරවය ද පිරිනමන බවයි හිටපු ජනාධිපතිය සඳහන් කළේ.

මෙවැනි විනාශකාරී අවස්ථා නැවත ඇති නොවන ලෙස වගබලා ගැනීම ශ‍්‍රී ලාංකිකයින් සියලූ දෙනාගේ පරම යුතුකමක් බවද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.