මීගමුව බන්ධනාගාරයෙන් පලා ගිය රැඳවියන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර තිබෙනවා.
එම පොලිස් කණ්ඩායම් සඳහන් කළේ පලාගිය රැඳවියන්ගේ තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති බවයි.
යාපනය ප‍්‍රදේශයෙ පදිංචි අසාර් මොහොමඞ් නමැත්තකෙු හා වත්තල ප‍්‍රදේශයේ පදිංචි විපුල ප‍්‍රසන්න නමැති අයෙකු පලාගිය රැඳවියන් අතර වනවා.
ඊට අමතරව නාවලපිටිය ප‍්‍රදේශයේ පදිංචි රාසයියා ජයකුමාර් නමැත්තෙකු ද ඒ අතර වන බවයි පොලිසිය පැවසුවේ.
ඔහුට එරෙහිව මිනී මැරුම් නඩුවක් පවතින අතර කාන්තාවක් ඝාතනය කර වැසිකිලි වළක සැඟවීමේ චෝදනාව යටතේ එම නඩුව පවරා තිබෙනවා.
පලා ගිය අනෙක් සැකකරු වන්නේ කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි චතුර මධුසංඛ නමැත්තෙක්.
මීගමුව බන්ධනාගාරයෙන් අද අලූයම 1.30ට පමණ ඔවුන් පලා ගොස් තිබුණා.