Friday, September 20, 2024

General line - 0115112241

මාතර සහ රත්නපුරයේ කඳු දෙකක් නායයාමේ අවදානමක - පවුල් රැසක් ඉවත් කෙරේ




මාතර සහ රත්නපුර යන දිස්ත‍්‍රික්කවල පිහිටි කඳු දෙකක ඇති වූ නායයාමේ අවදානමක් හේතුවෙන් ඒ ආශ‍්‍රිත පවුල්වල පුද්ගලයින් ඉවත් කර තිබෙනවා. 

මාතර පස්ගොඩ රොටුඹ ඉඳිගල්ගොඩ කන්ද නායයාමේ අවදානමකට ලක්ව තිබුණේ ඊයේ රාත‍්‍රියේයි. 

තොරතුරු වාර්තා වීමත් සමඟ එහි තත්වය සොයා බැලීම සඳහා නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද එම ස්ථානයට ගියා. 

මේ අතර රත්නපුර  ඕපනායක අසමාන කන්ද ද නායයාමේ අවදානමකට ලක්ව තිබුණා. 

ඒ අනුව ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ සිටි පුද්ගලයින් 180 දෙනෙකු වහාම ඉවත් කළ බවයි එම ස්ථානයට ගිය නෙත් නිවුස් වාර්තාකරු ඞී එම් එන් විජේසිංහ පැවසුවේ.