Friday, September 20, 2024

General line - 0115112241

විපතට පත් ප‍්‍රදේශ යළි ගොඩගන්න රටවල් 44කින් ලබා දෙන දේ මෙන්න 




ගංවතුරෙන් සහ නායයාම්වලින් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා විදෙස් රටවලින් තවදුරටත් ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරන බව ආණ්ඩුව පවසනවා. 

අමාත්‍ය සාගල රත්නායක සඳහන් කළේ දැනට ලැබී ඇති ආධාර ද ක‍්‍රමානුකූලව යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යොදා ගන්නා බවයි. 

ශ‍්‍රී ලංකාවට ආධාර ලබාදීම සඳහා රටවල් 44ක් එකඟතාව පල කර ඇති බවයි අමාත්‍ය මහින්ද සමරසිංහ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. 

රටවල් 30කින් පමණ දැනටමත් ද්‍රව්‍යමය හා මූල්‍යාධාර ලබාදී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ජල ගැලීම් හේතුවෙන් ප‍්‍රදේශ රැසක නල ජල පද්ධතියට ද හානි සිදුව තිබෙනවා. 

ඒවාද කඩිනමින් යථා තත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් පැවසුවේ. 

මේ අතර ගංවතුරෙන් විපතටපත් ප‍්‍රදේශවල පානීය ජල ළිං සහ සනීපාරක්ෂක පහසුකම් පිිළිසකර කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කෙරෙනනා.