Friday, September 20, 2024

General line - 0115112241

අද සිට කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි




අද සිට තද වැසි සහ සුළං තත්වය අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කෙසේ වෙතත් බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම යන පළාත්වලට මෙන්ම පුත්තලම දිස්ත‍්‍රික්කයේ ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවටයි ප‍්‍රකාශ කෙරුණේ. 

ඌව පළාතේ මෙන්ම මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රික්කවල ද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

දිවයින හරහා පැයට කිලෝමීටර් 50ක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. 

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර සඳහන් කළේ දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල ද තද සුළං තත්වයක් අපේක්ෂා කරන බවයි. 

මේ අතර ආපදා හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 196ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

පුද්ගලයින් 93 දෙනෙකු සිටින්නේ තවමත් අතුරුදන්වයි. 

අද වනවිට පුද්ගලයින් හයලක්ෂ විසි දෙදහස් 510 දෙනෙකු ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. සඳහන කවුරුවල සිටින සංඛ්‍යාව අසූහතර දහස් 555ක්.