Friday, September 20, 2024

General line - 0115112241

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට




ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි කාන්තාවක් ගනේමුල්ල කඩවල මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ගනේමුල්ල පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. 

එහිදී සැකකාර කාන්තාව සතුව තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 09ක් සොයා ගැණුනා. පසුව කරන ලද ප‍්‍රශ්න කිරීම් අනුව ඇය සතුව තිබී තවත් පන්දහසේ නෝට්ටු 16ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. 

සැකකාරියගේ ප‍්‍රකාශ මත ගනේමුල්ල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් මුද්‍රණය කරන ස්ථානයක් වටලා තවත් පන්දහසේ නොට්ටුවක්, පරිගණකයක් හා සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.