Friday, September 20, 2024

General line - 0115112241

පීඩාවට පත් ජනතාවට සහනාධාර රැගත් පකිස්තාන නෞකාවක් පැමිණෙයි (PHOTOS)




අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට ජනතාවට සහන රැගත් පකිස්තාන නාවික හමුදාවට අයත් සුල්ෆිකාර් නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා. 

ඒ, කාර්ය මණ්ඩල සාමාජිකයින් 46 දෙනෙකු සහ නාවිකයින් 241 දෙනෙකු ද සමඟයි. 

වෛද්‍ය කණ්ඩායම් 03ක් ද නෞකාව සමඟ මෙරටට පැමිණ තිබෙනවා. 

වියළි  ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල් සහ ඖෂධ බෝතල් විශාල ප‍්‍රමාණයක් ද නෞකාව මඟින් මෙරටට රැගෙනවිත් තිබෙනවා. 

ඉදිරියේ දී තවත් විදේශීය නෞකා කිහිපයක් ද මෙරටට පැමිණීමට නියමිතයි.