Friday, September 20, 2024

General line - 0115112241

මධ්‍යම කඳුකරයට හමාගිය තද සුළඟකින් විදුලි රැහැන් පද්ධතිය කඩාගෙන වැටෙයි (VIDEO/PHOTOS)




මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ හරහා හමාගිය තද සුළඟකින් හැටන් ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක ගස් කඩා වැටී තිබෙනවා. 

මේ හේතුවෙන් විදුලි රැහැන් හා දුරකතන රැහැන් රැසකට හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

පවතින තත්වය හමුවේ ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි කර විදුලි රැහැන් සහ දුරකතන රැුහැන් පද්ධතිය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. 

මේ අතර බගවන්තලාව රොබිගිල් වතුයායේ නිවාස පෙළකට ගලක් පෙරළීම හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බවයි පොලිසිය සඳහන් කළේ.