Friday, September 20, 2024

General line - 0115112241

දඹුල්ල - ගලේවෙල  අනතුරකින් දෙදෙනෙකු මරුට (PHOTOS)




දඹුල්ල - ගලේවෙල ප්‍රධාන මාර්ගයේ පහළ වැව ප්‍රදේශයේදී අද අලුයම 3.30ට සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. 

ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ ගලේවෙල, රන්වඩියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 හා 35 වන සහෝදරයන් දෙදෙනෙක්.